MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට

Date:

ලෝක ආහාර වැඩසටහන යටතේ MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට ප්‍රදානය කිරීම අද (12) සිදුකෙරිණි.

ඒ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඇතුළු අමාත්‍යවරුන්, මෙරට රුසියානු තානාපති ලෙවාර් ජගර්යාන් මහතා සහ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

එම පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් දැනට වී වගාව ආරම්භ කර ඇති ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තුව මත නොමිලේ ලබාදීමට නියමිතය.

ඉතිරි පොහොර ප්‍රමාණය පොල් වගාව සඳහා ලබාදීමට තීරණය කර තිබේ.

Share post:

Popular

More like this
Related