රිළවුන් වන්ධ්‍යාකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඇරඹෙයි

Date:

ගහනය ඉහළයෑමෙන් වගාවන්ට සහ දෛනික ජනජීවිතයටද බලපෑම් එල්ල කර ඇති රිළවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේදී අද ආරම්භ කෙරුණා.

මෙහිදි අල්ලා ගන්නා රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් වන්ධ්‍යාකරණයට ලක් කර පසුව යළිත් එම ප්‍රදේශයටම මුදා හැරීමට නියමිතය.

මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4.5කි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවසුවේ දිගුකාලීනව ගහනය පාලනය කිරීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් මෙලෙස ආරම්භ කළ බවය.

මේ අතර කතරගම දේවාලය සහ වනජීවී නිලධාරීන් එක්ව මීට වසරකට පමණ ක්‍රියාත්මක කළ රිළවුන් සහ වඳුරන් අල්ලා කැලෑවට මුදාහැරීමේ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි.

ප්‍රදේශවාසීන් පැවසුවේ එම කාලය තුළ වඳුරන් සහ රිලවුන් ගැවසීම අඩු වූ බවය.

Share post:

Popular

More like this
Related