පට්ටිපොළ පොලිස් වසමේ අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (14) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ, සිරිසමන්ගම, අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙකි.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති ඇත.
අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
