මේ වසරේ ගත වූ කාලසිමාව තුළ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 554ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙරට මුහුදු සීමාව තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වල දී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේය.
එමෙන්ම ඔවුන් පැමිණි ධීවර යාත්‍රා 72ක් ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය.
මේ අතර නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු මන්නාරමට උතුරින් වූ මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදි ඔවුන් පැමිණි යාත්‍රා 02ක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සදහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.
