ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද බණ්ඩාර වෙළ මහේ ස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ පැය 06 කට අධික කාලයක් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.
මෙම ලොරි රථය එම ඒකකය විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 05 වන දින හපුතලේ – මුතුවානාවත්ත ප්‍රදේශයේදී සොයා ගත් අතර, ඒ සම්බන්ධයෙන් බණ්ඩාර වෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය කටයුතු කර තිබුණා.
