පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Date:

දඹුල්ල පොලිස් වසමේ දඹුළුගම ප්‍රදේශයේදී දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අඟල් 08 ක් දිග ඩයිනමයිට් අඩංගු ජෙල් කරල් 05ක්, සෙන්ටිමීටර් 04ක් දිග ඩෙටනේටර් 10ක් සහ ඇමෝනියා ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුව‌ට ගත් සැකකරු වයස අවුරුදු 34ක් වන දඹුළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

Popular

More like this
Related