මන්ත්‍රී අර්චුනා සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධයෙන් පවත්නා නීතිය යටතේ කටයුතු කරන ලෙසට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගකර තිබේ.

එමෙන්ම පෙබරවාරි මස 3 වනදා මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය අනුරාධපුර පොලීසියට නියොග කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේදී රථ වාහන පොලීස් නිලධාරීන්ගේ රාජකාරියට බධා වන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව, අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Share post:

Popular

More like this
Related