ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

Date:

‘වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියේය‍.

ඩුබායිහිදී පැවැති පුහුණු කඳවුරකට සහභාගිවීමෙන් අනතුරුව ඔවුන් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ලෝක ටෙස්ට් ශූරතාව යටතේ පැවැත්වෙන තරග 2කින් යුත් මෙම තරගාවලියේ සියලුම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව ඇත.

එහි පළමු තරගය එළැඹෙන 29වනදා ආරම්භ වේ.

මෙම ටෙස්ට් තරගාවලියට අමතරව ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්දින තරග 2කට ක්‍රීඩාකිරීමටද නියමිත අතර, එම තරග පෙබරවාරි 12 සහ 14 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

Share post:

Popular

More like this
Related