පුරාවස්තු යැයි සැක භාණ්ඩ කිහිපයක් සොයාගනී

Date:

කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ගිරානේගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) දහවල් කාලයේ ගිරානේගම පොලිස් වසමේ උල්පතයාය ප්‍රදේශයේදී ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇත.

එහිදී පුරාවස්තු ස්ථානයක් කැණීම් කර ලබාගන්නා ලද පුරාවස්තු යැයි සැකකරන රන් පැහැති බුදු පිළිමයක්, රන් පැහැති නෙළුම් මලක හැඩති පෙති 24කින් යුත් මලක්, රන් පැහැති බෝපතක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන හල්මිල්ලෑව, ආඬියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගිරානේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

Popular

More like this
Related