හිටපු ජනපති රනිල් කැඳවූ සාකච්ඡාවට සජබයෙනුත් නියෝජිතයින්

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් අද (30) පස්වරුවේ පැවැත්වුණි.

කොළඹ පෞද්ගලික හෝටලයක මෙම සාකච්ඡාව පැවැති බව සඳහන් ය.

අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ බව ඊට එක්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මේ සඳහා එක්ව සිට ඇත.

සමගි ජනබලවේගය නියෝජනය කරන මනෝ ගනේෂන් සහ පී. දිගාම්බරම් යන මන්ත්‍රීවරුන් ද මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයකි.

මීට අමතරව, හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කංචන විජේසේකර, සාගල රත්නායක, වජිර අබේවර්ධන යන මහත්වරුන් ද ඊට එක්ව තිබේ.

Share post:

Popular

More like this
Related