පළමු දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී අද (6) ආරම්භ වූ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයට තරග නතරකරන විට කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස්කරගෙන සිටියේය.

කඩුල්ලේ රැඳී සිටින කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කරගෙන සිටියි.

ඔහු සමගින් ලකුණු 5ක සබඳතාවක් පවත්වාගෙන ළහිරු කුමාර පන්දු 12කට මුහුණදී සිටින අතර, ඔහුට ලකුණු ලබාගැනීමට අවස්ථාවක් ලැබී නොමැත.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ඉහළම ඉනිම ක්‍රීඩාකළ දිනේෂ් චන්දිමාල් ලකුණු 74ක් රැස්කළේය.

ඒ හැරෙන්න තම අවසන් මෙන්ම 100වන ටෙස්ට් තරගයට ක්‍රීඩාකරන දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී ගියේය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් (3/37) හා නේතන් ලියොන් (3/78) කඩුලු 3 බැගින්ද, මැතිව් කුහ්නෙමන් (2/53) කඩුලු 2ක්ද දවාගැනීමට සමත් විය.

හෙට තරගයේ දෙවන දිනයයි.

Share post:

Popular

More like this
Related