මහා ශිව රාත්‍රිය අදයි

Date:

ලොව පුරා හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට (26) යෙදී තිබේ.

ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ මංගල්‍යය මහා ශිව රාත්‍රී දිනය ලෙස සැලකේ.

රාත්‍රි නිදි වර්ජිතව උපවාසයේ යෙදී ශිව දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමන්ට මෝක්ෂය ලැබෙන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයි.

අඳුර දුරු වී ප්‍රඥා ආලෝක දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් හින්දු බැතිමතුන් අද රාත්‍රිය පුරා පංච ඊශ්වර දේවාලයන් කේන්ද්‍රකර ගනිමින් උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත  වීම විශේෂත්වයකි.

Share post:

Popular

More like this
Related