නියුමෝනියා තත්ත්වය හේතුවෙන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තවදුරටත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානය නිවේදනය කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ කෙසේ වෙතත් උන්වහන්සේට හුස්ම ගැනීමේ අපහසුතාවක් හට ගෙන නොමැති බවය.
පාප්වහන්සේ රෝහල්ගතව අදට දින 13 ක් වන බව සඳහන්ය.
88 හැවිරිදි උන්වහන්සේ පාප් පදවියට පත්ව වසර 12 ක කාලය තුළ වැඩිම දින ගණනක් අඛණ්ඩව රෝහල් ගතව සිටි කාලය මෙය බව වාර්තා වෙයි.
පාප්වහන්සේගේ පෙනහලු ආසාදනය පරීක්ෂා කිරීම සඳහා උන්වහන්සේ ස්කෑන් පරීක්ෂණයකට යොමු කර ඇති අතර එම පරීක්ෂණ පිළිබඳ කිසිදු වාර්තාවන් මේවනතෙක් ප්‍රසිද්ධ කර නොමැති බවඳ විදෙස් වාර්තා පවසයි.
