ශ්‍රී ලංකා මාස්ටර්ස් ක්‍රීඩාකරන දෙවන තරගය අද

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන  ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන දෙවන තරගය අද (26) පැවැත්වේ.

දකුණු අප්‍රිකානු මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව මෙම තරගය ‍මුම්බායිහි ආචාර්ය ඩී. වයි. පටිල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙය මෙරට වේලාවෙන් ප.ව. 7.30ට ආරම්භ වේ.

දකුණු අප්‍රිකාව මෙම තරගාවලියේ ක්‍රීඩාකරන පළමු තරගය මෙය වේ.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම ක්‍රීඩාකළ අතර, එහිදී ඔවුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම හමුවේ ලකුණු 4ක තියුණු පරාජයක් ලැබීය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම් මෙහිදී ක්‍රීඩාකරනු ලබයි.

තරගාවලියේ මෙතෙක් පැවති තරග අනුව ඉන්දීය කණ්ඩායම ක්‍රීඩාකළ තරග 2ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

එක් තරගයක් ජයගෙන සිටින බ.ඉ. කොදෙව් කණ්ඩායමට එහි දෙවන ස්ථානය හිමිව ඇත.

තරගාවලිය මාර්තු 16වනදා දක්වා පැවැත්වේ.

Share post:

Popular

More like this
Related