පිලිපීන යාත්‍රාවක් දකුණු චීන මුහුදේ ජලය හිතාමතාම දූෂණය කරන බවට කරන ලද ප්‍රකාශයෙන් පසු චීන රාජ්‍ය මාධ්‍ය නොමඟ යවන තොරතුරු සහ ප්‍රචාර පතුරුවා හරින බවට පිලිපීන නිලධාරීන් චෝදනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
China Global Television Network (CGTN) සෙනසුරාදා දර්ශන නිකුත් කළ දර්ශන අනුව මත භේදයට තුඩු දී ඇති දෙවන තෝමස් ෂෝල් හි BRP Sierra Madre නෞකාවෙන් වෙතින් දුමාරය ඉහළ යන ආකාරය පෙන්නුම් කරනවා.
වසර ගණනක් පැරණි එම පිලිපීන නාවික හමුදා නෞකාවේ ස්ථානගත කර ඇති පිලිපීන මැරීන් භටයින් විසින් කසළ පුළුස්සා දැමීමෙන් දුමාරය ඇති වූ බව එම වාර්තාව පෙන්වා දී ඇති අතර “පිලිපීන හමුදා යාත්‍රාවක දැවෙන ක්‍රියාකාරකම් හේතුවෙන් සැලකිය යුතු දුමාරයක් නිරීක්ෂණය විය,” යනුවෙන් CGTN සමාජ මාධ්‍යවල ප්‍රකාශ කළ බවයි පිලිපීනය චෝදනා කරන්නේ.
ඊට පිළිතුරු වශයෙන් පිලිපීන කාර්ය මණ්ඩලය විසින් පරිසර දූෂණය සිදු කරන බවට චීන රාජ්‍ය මාධ්‍ය විසින් කරන ලද චෝදනා පිලිපීන බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
