කොළඹ කුරුණැගල මාර්ගයේ අනතුරින් 12ක් රෝහලට

Date:

කොළඹ – කුරුණෑගල මාර්ග අංක 05 මාර්ගයේ නාල්ල මංචිකඩේ ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන්  අවුරුදු 12ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහළට ඇතුළත් කර ඇති බවත් නාල්ල පොලීසිය පැවසීය.

ලංගම බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

බස් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Share post:

Popular

More like this
Related