ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසුවේ, නවක රැඳවියන් රඳවා සිටින රෝහල් වාට්ටුවටම ඔහුවත් ඇතුළත් කර ඇති බවයි.
ඔහුට කිසිදු අමතර පහසුකමක් ලබා නොදී ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
