මොරටුව පොලිස් වසමේ උස්වත්ත රවුම් පාර ප්‍රදේශයේ වෙරළ තීරයේ ඊයේ (03) කාන්තා මෘත ශරීරයක් තිබූ බව මොරටුව පොලිසිය සඳහන් කරනවා. මරණකාරිය වයස අවුරුදු 58 ක් වූ කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
