අවුරුදු සමයේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

Date:

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව එළැඹෙන 13 සහ 14 යන දෙදින තුළ ඒ සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අප්‍රේල් 13 වැනි දින සහ 14 වැනි දින දෙදින තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක් රසකැවිල් පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදී ලබා දීමට අවස්ථාව එම දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.

එමෙන්ම සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනයත් තුළ සිදුවනු ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Share post:

Popular

More like this
Related