බස්නාහිර උතුරු මැද වයඹ සබරගමුව අවසන් වටයට

Date:

හතළිස් අටවැනි වැනි ජාතික ක්‍රීඩා තරගාවලියේ කාන්තා පාපන්දු අවසන් පූර්ව වටයට බස්නාහිර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත් සුදුසුකම් ලබා ගත්හ. යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී හා අරියාලේ මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ මූලික වටයේ තරග නිමාවට පත් විය.

පළාත් 9ක කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගිවූ මූලික වටය පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට පැවැත්විණි.

උතුරු මැද පළාත ගෝල් 3-1කින් දකුණු පළාත් පිල පරාජය කළ අතර, බස්නාහිර ගෝල් 5-1කින් උතුර පළාත පරාජය කළේය. සබරගමුව ගෝල් 3-1කින් මධ්‍යම පළාත පරාජය කළ අතර, වයඹ ගෝල් 3-0කින් ඌව පළාත් පිල පරාජයට පත් කළහ.

ජාතික මහා ක්‍රීඩා තරගාවලියේ පසුගිය වසරේ කාන්තා පාපන්දු ශූරතාව වයඹ දිනාගත් අතර, එහි අනුශූරතාව බස්නාහිර ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

 

Share post:

Popular

More like this
Related