ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෝ පෝලිමේ ගෙදර යති

Date:

විස්සයි20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂඥ පුහුණුකරු මහේල ජයවර්ධන මහතා ඉල්ලා අස්වී පැය 24ක් ගෙවී යන්නට පෙර ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සිය ධුරයෙන් ඊයේ ඉල්ලා අස්විය.

ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ පරාජය හේතුවෙන් ඉල්ලා අස්වන බව නොව තමන් පෞද්ගලික හේතුන් මත එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. තම පවුලේ අය සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය නිසා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත්වී නැවත නි‍ෙවසට යන බව හෙතෙම ලිපියේ සඳහන් කොට ඇත.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් කළ දෙවසරක කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් 14 දිනෙන් අවසන් වීමට නියමිතව තිබියදී සේවා දිගුවක් ලබා දී තිබිණි.

සිල්වර්වුඩ් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලිය දිනා ගැනීමට සමත්වූ අතර, එක්දින තරගවලදී ශ්‍රී ලංකාව වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන (50) ඉන්දියාවට එරෙහිව කොළඹදීත්, විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාව වාර්තා කළ අඩුම ලකුණු ගණන (77) දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝක්හිදීත් වාර්තාවීම පිළිබඳ බොහෝ කතා ඇති විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට අමෙරිකානු ඩොලර් 30,000ක මාසික වැටුපක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 9ක්) ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පුහුණු කිරීම වෙනුවෙන් ගෙවා ඇත.

 

Share post:

Popular

More like this
Related