ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලිවලින් 99%ක්ම රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව එම සංවිධානය පවසනවා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළව මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
මේ අතර, 2024 ජනාධිපතිවරණයට ආදළ ඇප තැන්පත් කිරිම ලබන 14 වැනිදා දහවල් 12ට අවසන් වීමට නියමිතයි.
මේ වන විට මෙවර ජනාධිපතිවරණයට අදාලව අපේක්ෂකයින් 18 දෙනෙකු ඇප තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කළා.
ඒ පිලිගත් දේශපාලන පක්ෂවලින් 7ක්,ස්වාධින අපෙක්ෂකයින් ලෙස 10ක් සහ වෙනත් දේශපාලන පක්ෂවලින් එක් අයෙකු වශයෙන්.
ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා කැඳවීම ලබන 15 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා සිදුකිරිමට නියමිතයි.
මේ අතර ප්‍රකාශිත තැපැල් ඡන්ද පත්‍රිකා තේරීම්භාර නිලධාරීන් වෙත යොමු කිරීමේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 4000ක් යොදවා ඇති බව නියෝජ්‍ය තැපැල්පති
රාජිතගේ රණසිංහ පවසනවා.
මේ අතර, පැෆ්රල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සාකච්ඡාවක් සඳහා අද දහවල් මැතිවරණ කොමිසමට පැමිණියා.
එහිදී මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණ සංවිධාන සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ලබා දී තිබෙනවා.
