අනුෂ්කාගේ නායකත්වයෙන් කාන්තා පිල අයර්ලන්තයට

Date:

අනුෂ්කා සංජීවනිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (6) අයර්ලන්තය බලා පිටත්ව ගියාය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කිරීම හේතුවෙන් මේ සංචාරයේදී විස්සයි20 තරගාවලිය අහිමිව තිබේ. ඒ අනුව නායකත්වය හිමි වූ අනුෂ්කා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

ද හන්ඩ්‍රඩ් තරගාවලියේ චමරි ක්‍රීඩා කරන ඕවල් ඉන්විසිබල්ස් කණ්ඩායමේ මූලික වටයේ තරග 14 වැනිදා නිමා වන අතර, ශ්‍රී ලංකා අයර්ලන්ත විස්සයි20 තරගාවලිය මේ මස 11 සහ 13 දිනවල ඩබ්ලින්හිදී පැවැත්වේ. කෙසේ වෙතත් එංගලන්තයේ සිට අයර්ලන්තයට පැමිණෙන චමරි 16 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට නායිකාව ලෙස කණ්ඩායමට එක්වනු ඇත.

Share post:

Popular

More like this
Related