කේම්බ්‍රිජ් පීඨාධිපති ධුරයකට ශ්‍රී ලාංකිකයෙක්

Date:

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පිඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ගිෂාන් දිසානායක නම්කර තිබෙනවා. ඒ අනුව, ඔහු හෙට (01) දිනයේදී එම පීඨාධිපති ධුරයේ පත්වීම භාර ගැනීමට නියමිත බවයි සඳහන්. මහාචාර්ය ශිෂාන් දිසානායක මූල්‍ය ආර්ථික විද්‍යාඥයෙක් වන අතර, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආයතනික පාලනය පිළිබඳ ඇඩම් ස්මිත් මහාචාර්ය ධූරය දරනු ලබනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිය ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ඇති ඔහු, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශාස්ත්‍රවේදී උපාධියෙන් අනතුරුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා පීඨයට සහ ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් වූ ඔහු එහිදී ආර්ථික විද්‍යාව පිළිබඳ දර්ශනපති සහ ආචාර්ය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.මෙහිදී, පසු ගිය වසර 30 තුළ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් ව්‍යාපාරික පාසලේ පීඨාධිපති ධූරයට අභ්‍යන්තර අපේක්ෂකයෙකු තෝරා ගත් පළමු අවස්ථාව මෙයයි.

Share post:

Popular

More like this
Related