ලොවක් ආදරය කළ ටෙනිස් තරුවක් දිවි ගමනට සමුදෙයි

Date:

ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ සුපිරිතම මෙන් ම ලොවක් ආදරය කළ ටෙනිස් තරුවක් වන Neale Andrew Fraser ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඔහු අද (03) ඔස්ට්‍රෙලියාවේ දී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

Neale Andrew Fraser ජීවිතක්ෂයට පත්වන විට 91 හැවිරිදි වියෙහි පසුවුණා.

1933 ඔක්තෝබර් 03 වැනි දා ඔස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හි වික්ටෝරියා ප්‍රාන්තයේ උපත ලද ෆ්‍රෙසර් විම්බල්ඩන් ශූරත්වය (කේවල) 1960 දී දිනා ගැනීමට සමත් වුණා.

එමෙන්ම 1959 -1960 යන වර්ෂ ද්විත්වයේම එක්සත් ජනපද ජාතික ටෙනිස් ශූරතාව ද සතුවූයේ ෆ්‍රෙසර් හටයි.

ඔහු පිරිමි යුගල 11 ක් සහ මිශ්‍ර යුගල ස්ලෑම් ශූරතා පහකට හිමිකම් කියන්නෙක්. 1959 දී ෆ්‍රෙසර් ටෙනිස් පිරිමි කේවල අංශයේ ලොව පළමු වැනියා වුණා.

Share post:

Popular

More like this
Related