ඉතාලිය සහ ඉන්දියාව අභ්‍යවකාශ කටයුතු ගවේෂණය සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාවක

Date:

ඉන්දියාව සහ ඉතාලිය අභ්‍යවකාශ සහ න්‍යෂ්ටික ක්ෂේත්‍රවලදී එක්ව කටයුතු කරන බව ඉතාලියේ ව්‍යවසාය අමාත්‍ය ඇඩොල්ෆෝ උර්සෝ පවසනවා.

ඒ ඔහුගේ ඉන්දිය සංචාරය අතරතුරදීයි.

ව්‍යවසාය සහ අභ්‍යවකාශ ඇතුළු බහුවිධ අමාත්‍යාංශ දරණ ඉතාලි අමාත්‍ය ඇඩොල්ෆෝ උර්සෝ, ඔහුගේ ඉන්දීය සංචාරය අතරතුර, විද්‍යා හා තාක්ෂණ, පෘථිවි විද්‍යා පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං හමුව තිබුණා.

විද්‍යාව, තාක්‍ෂණය සහ අභ්‍යවකාශ ගවේෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉන්දියාව සහ ඉතාලිය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආචාර්ය ජිතේන්ද්‍ර සිං අමාත්‍ය උර්සෝව පිළිගත් අතර, විශේෂයෙන්ම අභ්‍යවකාශ තාක්‍ෂණය සහ පර්යේෂණ යටිතල ව්‍යුහය තුළ බහුවිධ සාර්ථක සහයෝගිතා දක්වා දිවෙන දිගුකාලීන සබඳතාව සඳහන් කරමින් ජාතීන් දෙක අතර ශක්තිමත් විද්‍යාත්මක හා තාක්‍ෂණික හවුල්කාරිත්වයක් පවත්වා ගැනීමට එකඟතාව පල කර ඇතැයි ද සඳහන්

Share post:

Popular

More like this
Related