මහවිරු දින සැමරුම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් බෙදාහැරීම සම්බන්ධයෙන් මාතර පරිගණක අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරුව අද (03) බද්දේගම දිසා විනිසුරු/ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබුණි.
සැකකරු බද්දේගම කිරිබතාවිල පදිංචි එදිරිසූරිය මද්දුමගේ ජනිත චතුරංග නැමති 28 හැවිරිදි තරුණයෙකි.
මේ අතර සැකකරුව බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අවස්ථාවේදී ඔහුගේ ඥාතීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව නිහඬ විරෝධතාවයක නිරත විය.
