දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබේ.
අද (03) රාත්‍රීයේ සිදුවූ එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ගාල්ල සුදර්මාරාම පන්සල අසල පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇත.
අපට වාර්තා වුයේ තුවාල ලැබූ සිව්දෙනා අතර දරුවන් දෙදෙනෙකු සිටින බවය.
මෝටර් රථය ගැටී ඇත්තේ ගාල්ල සිට මාතර බලා ධාවනය වූ දුම්රියක ය.
