ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි

Date:

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69 කින් ඉහළ ගොස් ඒකක 13,511.73 ක් ලෙසින් සටහන් විය. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වූ ඒකක 13,462.4 සීමාව ඉක්මවා යාමකි. 2022 වසරේ ජනවාරි 19 දින එම අගය වාර්තා වී තිබුණි.

රු. බිලියන 5.21 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

Share post:

Popular

More like this
Related