යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා අද (04) පාර්ලිමේන්තුවේදී සිය අතීතය මතක් කරමින් කතාවක් සිදු කළේය.
එහිදී ඔහු සඳහන් කළේ,
“මේ වෙලාවේ මගේ තාත්තාව මම මතක් කරන්න කැමතියි. ඔහු 1966දී ශ්‍රී ලංකා පොලීසියේ පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස සිටියා. 1983දී ලංකාවේ තිබුණු තත්ත්වය සමග අපේ පවුලට යාපනයට යන්න සිදුවුණා. පසුව LTTE සංවිධානයේ පොලීසියේ සේවය කළා. 2009 මැයි මාසයේදී මගේ පියා පදවිය රෝහලෙන් අතුරුදන් වුණා.”
