ජනපති ITAK මන්ත්‍රීවරු හමුවෙයි

Date:

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවත්වා තිබේ.

එහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාව දැනුම්වත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍තියලිංගම්, සන්මුගනාදන් කුගදාසන්, සානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිගරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අවස්ථාවට සහභාගි වී ඇත.

Share post:

Popular

More like this
Related