සිසුන් පිරිසක් රැගත් ඔරුවක් පෙරළෙයි – අයෙකු මරුට

Date:

සෙල්ලකතරගම අක්කර විස්ස වැවේ විනෝදයට ඔරු පැදීමට ගිය ළමුන් 5 දෙනෙකුගෙන් යුත් ඔරුවක් පෙරළි ගොස් තිබේ.

අද (07) සවස 5.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් ළමයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ සෙල්ලකතරගම පදිංචි ප්‍රමෝද් නම් 19 හැවිරිදි අයෙකි.

මෙවර උසස් පෙළ හදාරා ඇති ළමුන් පස්දෙනෙකු මෙම ඔරුවේ ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පසු ගම්වාසීන් විසින් වහා මැදිහත්ව ඔවුන් බේරා ගැනීමට කටයුතු කර තිබුණි.

මියගිය තරුණයාගේ මළ සිරුර මේ වන විට කතරගම දිසා රෝහලේ තැන්පත් කර ඇත.

Share post:

Popular

More like this
Related