ධීවරයින්ට රක්ෂණ ක්‍රමයක් දෙන බව නියෝජ්‍ය ඇමති කියයි

Date:

ධීවරයින් සඳහා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

ඒ සදහා මේ වන විටත් රක්ෂණ සමාගමක් එකගතාවය පළකර ඇති අතර එළඹෙන අයවැයෙන් පසු ධීවරයින් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බව ඔහු පැවසීය.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

පූර්ණ සහ අර්ධ දේපල හානිවලදී මෙන්ම ජීවිත හානිවලදී මෙහිදී ප්‍රතිලාභ ලබාදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Share post:

Popular

More like this
Related