ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව සම්මතයි

Date:

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ විවාදය ඊයේ (03) පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වාත් අද (04) පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.

Share post:

Popular

More like this
Related